Bridngroom (Pvt) Ltd info@bridengroom.lk

හැමෝම කැමතියි වෙනස් දේවල් දකින්න වෙනස් දේවල් කරන්න. ඉතින් ඔයාගේ වෙඩින් එකත් වෙනස් විදිහට කරන්න කැමතිනම් මං ඔයාට කියන්නම් වෙඩින් කේක් වෙනුවට දෙන්න පුළුවන් දේවල් කීපයක් ගැන.එකෙන් ඔයාගේ වෙඩින් එකේ ලොකු වෙනසක් වෙයි.

  1. පැලයක්

ලෝකෙට ජීවය සපයන්නේ ගස්. හුස්ම දෙන පැලයක් ඔබගේ  මංගල දිනයට පැමිණෙන්නන්ට ලබා දෙන්න පුලුවන් නම් එය කදිම දෙයකි. පැලයක් කියන්නේ ජීවිත කාලයටම මතක තියාගන්න පුලුවන් දෙයක්. ඉතින් ඔයාට පුලුවන් ඖෂධ පැලයක් වගේ වටිනා  පැලයක් ලබාදෙන්න. ඊට අමතරව bonsai,සදුන් පැල, පලතුරු පැල වැනි වටිනා පැලත් ඔබට ලබාදිය හැකි නම් ඉතාමත් අගනේ.

  1. බීජ පැකට්

වෙඩින් එකට එන අමුත්තන්ට නිවසේදී වගා කිරීම සඳහා භාවිතා කළ හැකි විවිධ වර්ගයේ මල් බීජ පැකට් තෑග්ගක් විදියට දෙන්න පුළුවන්. මෙය කන දෙයක් දෙනවට වඩා ගොඩාක් වටින අදහසක්.

  1. Macarons

Macarons කියන්නේ ඉතාමත් රසවත් රස කැවිලි වර්ගයක්. මේ ලංකාවට අලුත් දෙයක් වුවත් යුරෝපා රටවල බහුල වශයෙන් භාවිතා කරන ජනප්‍රිය ක්‍රමයක්. විවිධ රස වලින් සහ විවිධ වර්ණ වලින් Macarons හදලා කුඩා මල්ලක හෝ පෙට්ටියක දාලා එන අමුත්තන්ට දෙන්න පුළුවන්.

  1. ඡ්‍යාරූප සහිත වයින් බෝතලයක්

මේ ක්‍රමයෙන් නම් ටිකක් වියදම් වැඩි වැඩක්. නමුත් කරන්න පුළුවන් නම් ගොඩක් වෙනස් දෙයක්. විවාහා යුවලගේ ඡායාරූපයක් බෝතලයක print කරලා එයට වයින් පුරවා එන අයට දෙන්න පුළුවන්. මේකට නම් වෙඩින් ඒකට එන ගොඩක් අය කැමති වෙයි.

  1. Brownies

දැන්නම් ලංකාවෙත් ගොඩක් වෙඩින්වල මේ brownies දෙනවා දැකලා තියෙනවා. සාමාන්‍යයෙන් brownies වලත් උඩින්ම තියෙන layer එකත් වෙඩින් කේක් වල වගේම තමා. ඔයත් කැමතිනම් ඔයාගේ අමුත්තන්ට ලස්සනට පැක් කරපු brownies, වෙඩින් කේක් වෙනුවට දෙන්න පුළුවන්.

  1. පතොක් සහිත ටයිටේනියම් පෝච්චියක්

වර්තමානයේ බොහෝ නිවෙස්වල ඇතුලත අලංකරණය සඳහා පතොක් පැල, අක්කපාන පැල හෝ වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් නිපදවන පැළෑටි වර්ග භාවිතා කරනවා. එනිසා ඔබගේ මංගල දිනයට පැමිණෙන අමුත්තන් නම් කිසි විටෙකත් අකමැති නොවේවි මෙවැනි වටිනා තෑග්ගක් ලබා ගන්න.

ඔයාගේ වෙඩින් එක වෙනස් විදිහට කරන්න හිතෙනවා නම්wedding cake වෙනුවට මේ වගේ දෙයක් දීල බලන්න. එකාට වඩා ලොකු වෙනසක් සිද්ධ වේවි.

Leave a Comment

Bridengroom (Pvt) Ltd © 2023 All Rights Reserved.